Sri Lanka Flag

mmm

Thursday 31 January 2013

Feed Back With Mega Show-Rhythm FM

මෙන්න එහෙම නම් ෆීඩ් බෑක් සහභාගිත්වය රිදම් එෆ් එම් මෙගා ශෝව් එකේ කොටස..අහලා බලන්නකෝ..

Sunday 27 January 2013

Hiru FM සින්දු කාමරෙන්


වර්තමානයේ සංගීත ක්ෂේත්‍රයේ සංගීත කණ්ඩායම් විශාල ප්‍රමාණයක් බිහි වෙනවා.නමුත් ඒවායේ රදා පැවැත්ම කෙලෙසදැයි කිව නොහැක.මතකනේ අයි ටි එන් රන්තරු,සංගීත කණ්ඩායම් 850 සහභාගී වුණා.මේවායින් බොහොමයක් හැලි ගියත් විවිධ හේතුන් නිසා අලුතෙන්  බිහිවෙන කණ්ඩායම් ඔසවා තැබීමට මාධ්‍ය ආයතන නොයෙක් වැඩසටහන් ක්‍රියාත්මක කරනවා.හිරු එෆ් එම් සින්දු කාමරේ එවැන්නක්.අද ගෙන එන්නේ සින්දු කාමරේ පැවැත්තු ප්‍රසංගයක්,මන්ද හැමදාම ප්‍රසිද්ධ කණ්ඩායම් නේ කරළියට එන්නේ,මෙවැනි කණ්ඩායමුත් බිහිවිය යුතු නිසාත් මොවුන් තුල විශේෂ හැකියාවන් තිබිය හැකි නිසාත් ය.

Tuesday 22 January 2013

Arrow Stars Vs Sanidhapa-Weralu Gedi Watena Kale...

ඇරෝ ස්ටාස් කියන්නේ මෑත කාලයේ බිහි වූ ඒත් ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් වාදක මඩුල්ලක්.සනිධප කියන්නේ මිට වසර 10ට 12ට පෙර අප අතරට ආ වාදක මඩුල්ලක්.ඉතින් මෙම කණ්ඩායම දෙකේ වෙනස අගයන්නයි මේ සුදානම..ඇතුලට ගිහින් බලන්න..මෙම කණ්ඩායම වලට ආදරය කරන රසිකයන්ට මෙය හොද අවස්ථාවක් වේවි.ඒ වගේම මෙහි හොදතාව මෙන්ම දක්‍ෂතාව සංවාදයට ආරම්භයක් වන්නේය.

Sanflawer With Mega Show-Rhythm Fm 2012

කොහොමද ?ඔයාලට,සියලු දෙනාම හොදින් නේද?එහෙනම් මෙන්න රිදම් එෆ් එම් මෙගා ශෝව් එකේ සන්ෆලවර් සංගීත කණ්ඩායමේ සහභාගීත්වය.මිට කලින් ගෙනාවේ සකුරා රේන්ජ් කණ්ඩායමේ කොටසයි,තවමත් එක බැලුවේ නැත්තම් ඇතුළු වෙන්න,මෙතනින්.තවත් කොටස් ඉදිරියට බලාපොරොත්තු වන්න.එහෙනම් වැඩි කතා මොනවටද?අහලා බලන්න,කැමතිනම් බාගන්න.

Saturday 19 January 2013

ඕනැම Huawei ඩොන්ගල් එකක් අන්ලෝක් කරගන්න

Unlock-icon

ඩොන්ගල්..ඩොන්ගල්..පොඩි වෙනසකටත් එක්ක අද පොස්ට් එක වෙනස් කොලා මේ විදියට,ලංකාවේ අන්තර්ජාල සබදතා ලග ගැනීමේදී අවශ්‍යම දෙය,ඒත් එක එක සබදතා සදහා ඩොන්ගල් කිහිපයක් ගන්නේ මොකටද?
අද වන විට අන්තර්ජාලයේ සැරිසැරිමට ගොඩක් දෙනෙක් ඩොන්ගල් පාවිච්චි කරනවා. මේ ඩොන්ගල් අතරින් වැඩි ප්‍රමාණයක් තියෙන්නේ හුවාවි ඩොන්ගල්ස්. එත් , පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ මේ හුවාවි ඩොන්ගල් වලින් වැඩි ප්‍රමාණයක් ලොක් කරලයි තියෙන්නේ. එත් , ඒ ප්‍රශ්නයට තියේන හොදම විසදුම තමයි Huawei Unlock Tool කියල කියන්නේ.


රිදම් FM-Mega Show With Sakura Range


  මතක ඇතිනේ මෙගා ශෝව් එක පටන් ගනිද්දිම පොස්ට් එකක් හරහා ඔබටත් බලන්න අවස්ථාව උදා කරලා දුන්නා.එදා ඒක පටන් ගත්තේ සීදුව සකුරා වාදක කණ්ඩායම,ඒත් අද මම ඔයාලට ගේන්නේ මෙගා ශෝව් එකේ එක කණ්ඩායමක් වූ මාතර සකුරා රේන්ජ් කණ්ඩායම සහභාගී වූ කොටසයි.මෙය ලබා ගත්තේ ලංකාවේ සජීවී ප්‍රසංග එසැනින් අන්තර් ජාලයට මුදා හරින වීඩියෝ95 වෙබ් පිටුව ඔස්සේයි.ඔවුනට ඒ වෙනුවෙන් ස්තූති කරන අතරම,,

Wednesday 16 January 2013

Arrow Star Live In Ingiriya-2013

මෙන්න එහෙනම් Arrow Stars ගේ දෙවන හී විදුම.බලන්නකෝ කොහොමද වැඩ කියලා.

Monday 14 January 2013

Arrow Star Live In Kiribathgoda-2013


ඊතලය,මෙය වැදුනොත් වදින ඕනෑම තැනක් සිදුරු වෙනවා.ඒ වගේ තමයි ලංකාවේ බිහි වූ නවතම සංගීත කණ්ඩායම ඇරෝ ස්ටාර්.සන්ෆලවර්,සිටි ක්‍රීක්,සරිගම මේ නිසා සිදුරු වුණා.ඒ මන්ද සන්ෆලවර් රොෂාන් ඇන්ටන්,සරිගම ගොඩ නැගු නදීර නෝනිස් සහ සිටි ක්‍රික්හි ලීඩ්,රිදම්,බේස් වාදකයන් ඇරෝ ස්ටාර් සමග එක් වීමය.ඉතින් අද එදිරිපත් කරන්නේ ඔවුන් සජීවී ලෙස කිරිබත්ගොඩදී පවත්වපු ඔවුන්ගේ මුල්ම ප්‍රසංගයයි.

Friday 4 January 2013

Wayo With Hiru Tv-නත්තල් දා..


බ්ලූෂැඩෝස්,ශන්ෂයින්,සනිධප ඔස්සේ දීර්ඝ සංගීත ගමනක් ආ සංගීත් විජේසුරිය අද නැවතී ඇත්තේ කණ්ඩායම් සංගීත කරළියේ නවක ප්‍රවේශය වන වායෝ සංගීත කණ්ඩායම බිහි කරමින්ය.අපි කවුරුද? නම් ගීය ඉදිරිපත් කරමින් මුල ඇරබුම ලබාගත් වායෝ නත්තල සැමරුම සදහා හිරු ටීවී සමග එක් වුණා 25 වෙනිදා හවස් යාමයේ.මෙය වායෝ කණ්ඩායම සජීවී ලෙස මැදිරියක සිට ගෙනෙන ප්‍රථම ප්‍රසංගය ද වෙනවා.එසේනම් එක්වෙන්න රසවිදිනට හිරු ටීවී සමග වායෝ නත්තල් සැමරුම..

Wednesday 2 January 2013

Flash Back-31st Night Show

කණ්ඩායම් සංගීතයේ නව ආර ෆ්ලෑෂ් බෑක් සමගින් පැවති 31 රෑ විශේෂ ප්‍රසංගය ඔබටත් රස විදීමේ අවස්ථාව මෙතැන් සිට.මෙලෙසින් පැවති සීදුව සකුරා ප්‍රසංගයද මෙතනින් ඇතුළු වී රස විදින්න.

31st Night Show With Seeduwa Sakura-2012

 අජිත් විතානගේ ප්‍රමුඛ සිදුව සකුරා, ලංකාවේ කවුද නොදන්නේ..කොටින්ම වැඩිම සංගීත ප්‍රසංග වාර පවත්වන කණ්ඩායම.වත්තල පැවති මංගල සාදයක්[මාගේ මතකය හරිනම්] හරහා ප්‍රසංග කරළියට පැමිණි මොවුන් අද අනෙක් කණ්ඩායම් හා කරට කර සිටිමින් තම හැකියාව ලොවටම ගෙන එනවා.එහෙනම් ඔවුන් සමගින් පැවති 31 රෑ සංගීත ප්‍රසංගය ඔබහට මෙසේ..

Big Brother Vs Arrow Star-2012

 
 ඇර්රෝ ස්ටාර්ස්ගේ ප්‍රසංගයක් බලන්න ගිහින් බිග් බ්‍රදර්ස්ලාට වෙච්ච දේ...ඕගොල්ලෝ බලනවා ඇති මෙවැනි ප්‍රසංගයක් කොහෙද ලංකාවේ තිබුනේ කියලා.නමුත් තිබුන,මෙය එක අතකින් නිල වගේම නිල නොවන කටයුත්තක්.ශ්‍රී ලාංකීය ප්‍රසංග ඉතිහාසයේ මා දන්නා පරිද්දෙන් කිසිදා සිදු නොවිච්ච අහබු සිදු වීමකි මෙය.එහෙනම් ඔබටත් මේ දුරුලබ අවස්ථාව දැක බලා ගන්නට අවස්ථාව මෙලෙසින් උද කරන්නෙමි.

Big Brothers-නත්තල් දා හිරු සමගින්


ඔන්න ඉතින් නත්තලුත් ඉවර වෙලා 2013 නව වර්ෂයත් ලබලා ඉවරයි.මේ ඔක්කොම සමරලා සතුටු වෙච්ච ඔබලා නව වැඩ කටයුතුත් අරබන්න සුදානම් වෙනවා ඇති.ඒ සෑම කටයුත්තක්ම සාර්ථක වේවායි ..!කියා පතනවා.මාත් මේ බ්ලොග් කෙරුවාවේ මේ වර්ෂයේ නව ගෙන ඒම ලෙසින් ගෙන එන්නේ,පහුවෙච්ච නත්තල් සැමරුම වෙනුවෙන් හිරු ටීවී ගෙන ආපු ලොකු සහෝදරයන්ගේ[Big Brother] නත්තල් සැමරුම් ප්‍රසංගයයි.මෙය නත්තල පෙරටු කොට ගත්තා වගේම මෙහි තව විශේෂ අවස්ථා 2කුත් තිබෙනවා.
Related Posts Plugin for WordPress, Blogger...
 

ලෝකය බලන්න

Joining Flags

free counters

අපේ ජාතික ධජය

Sri Lanka National Flag
IP Address
by Tejji

Page Rank

Check google pagerank for dhartsmusic.blogspot.com

Total Pageviews

ටෙක්නොලොජි ගැන සිංහලෙන්

techkatha.com

My Rank